මෙරට මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් වන නඳුන් චින්තක නොහොත් හරක් කටා සහ සළිඳු මල්ෂිත නොහොත් කුඩු සළිඳු යන දෙදෙනා විදේශගතව සිටියදී මත්කුඩු ටොන් 5කට වැඩි ප්‍රමාණයක් මෙරටට එවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.
රහස් පොලිස් පරීක්ෂකවරුන් විසින් මෙම අපරාධකරුවන් දෙදෙනා සන්තකයේ තිබූ ජංගම දුරකථන 10 ක් දුරකථන දත්ත තාක්ෂණික විශ්ලේෂණයකට යොමු කිරීමේ දී මේ බව අනාවරණය කරගත් බව සඳහන් වේ.