දැඩි උණුසුම අවසන් වන දිනය මෙන්න.

මැයි මාසයේ 3 වන සතිය වන විට පවතින දැඩි උණුසුම් තත්ත්වය පහව යනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමනී ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

“නිරිතදිග මෝසම් සුළං ශ්‍රී ලංකාව හරහා දේශගුණිකව ස්ථාපනය වීමට නියමිත බැවින් මෙලෙස උෂ්ණත්වය ක්‍රමයෙන් පහවී යන බවට ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

“දැන් අපි ඉන්නේ නිරිතදිග මෝසම පටන් ගන්න අතර කාලයේ.මේ කාලයේ ශ්‍රී ලංකාව හරහා නිෂ්චිත සුළං රටාවක් නෑ. සුළඟේ වේගය හුඟක්ම අඩුයි. ඒ නිසා අප අවට පරිසරය ජල වාෂ්ප වලින් ඉතාමත්ම ගහනයි. ඒ ජල වාෂ්ප ගහන වීම නිසා අපේ දහඩිය වාෂ්ප වීමක් සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා අපේ සිරුරට පරිසර උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් දැනෙනවා. මේ තත්ත්වය සමනය වෙන්න නම් නිරිත දිග සුළං හොඳින් ශ්‍රී ලංකාව හරහා ස්ථාපනය වෙන්න ඕනේ. බොහෝ විට මැයි මාසේ 3වන සතිය වෙන විට නිරිතදිග මෝසම සුළං ශ්‍රී ලංකාව හරහා ස්ථාපනය වෙනවා දේශගුණිකව. ඉන් පසුව මේ දැනෙන මේ දැඩි උණුසුම් ගතිය පහව යනවා.”

Exit mobile version