ත්‍රිපෝෂ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ තීරණය මෙන්න.

මාස 6 සිට අවුරුදු 3 දක්වා ළමුන් සඳහා ත්‍රිපෝෂ ඇතුළු ආහාර අතිරේක වැඩසටහන් සඳහා වන ඇෆ්ලාටොක්සින් කඩයිම් මට්ටම සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වේ .

ආහාර පනත යටතේ පවතින රෙගුලාසි වල නියම කර ඇති සම්පූර්ණ ඇෆ්ලාටොක්සින් සඳහා වන දැඩි කඩයිම් මට්ටම හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු ලබාගැනීම දුෂ්කර වී තිබේ . ඒ අනුව ජාත්‍යන්තරව පිළිගත් අතිරේක ආහාරවල පවතින ඇෆ්ලාටොක්සින් මට්ටම වන b1 වර්ගය සඳහා 5ppb මට්ටම සහ සමස්ත ඇෆ්ලාටොක්සින් 10ppb යන කඩයිම් මට්ටම් අදාල කරගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ .

Exit mobile version