ත්‍රස්ත විරෝධී පනතට එරෙහි පෙත්සම්වලට දුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ පෙත්සම් විභාගයට නොගෙන එහි කටයුතු අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) තීන්දු කළ බව වාර්තා වේ .

ඒ අනුව විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිවේදනය කර ඇත්තේ අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවට කථානායකවරයා නිවේදනයක් සිදු කර තිබෙන හෙයින් එම පනත් කෙටුම්පත පිළිබඳ විභාගයක් පැවැත්වීමට අධිකරණයට හැකියාවක් නොමැති බවයි.

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හරිනි අමරසූරිය, විජිත හේරත් ඇතුළු පිරිසක් විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Exit mobile version