ඔන්න යුටියුබ් බණකාරයෙක් කක්කුස්සි ගිහින් අසුචි නාලා…

ඔන්න බලාපල්ලා මාර කතාවක් මේක .අද සෙනසුරාදා ලංකාදීප පත්තරේ තියෙන්නේ.මේ යු ටියුබ් එකෙන් බණ කියලා ජනප්‍රිය වෙලා කියලා හිතාන ඉන්න භික්ෂුවක් බොහෝම ආඩම්බරයෙන් බණකට යද්දි උන්නාන්සේට රෙන්න බරක් හැදිලා.පස්සේ වාහනය නවත්වලා පාරේ රෙන්න බැරි හින්දා උන්නාන්සේ ගිහින් තියෙනවා පානදුර දකුණ පොලිසියට.OIC හිටිය නැති නිසා රාලහාමි කෙනෙක්ගේ උදව්වෙන් OIC ගේ කක්කුස්සියට ගිහින් වැඩේ කරගෙන. ආපහු එනකොට සාජන්ට් නෝනා කෙනෙක් පොත්පත්වල වැඩලු.ඔන්න යුටියුබ් බණ කාරයාට තදවෙලා ඒ පොලිස් නෝනා මේකාට ගරු ක⁣ළේ නැහැ කියලා.පස්සේ බණ කාරයා අර නෝනාට හොඳට බැනලා.ඔන්න ඔිකයි කතාව.බලාපල්ලකෝ යුටියුබ් බණ කාරයා රෙන්න ගියත් ගරු කරන්න ඔිනේ කියලා ඒකලා හිතාන ඉන්නේ.

බොලල්ලා දවසක් බුදුහාමුදුරුවෝ ගමනක් වඩිනවා.බුදු හාමුදුරුවෝ හමුවෙන්න තවත් බමුණෙක් ඉදිරියට එනවා.රෑ බෝවුණු නිසා බුදු හාමුදුරුවෝ අම්බලමක නවතිනවා.ඒ අම්බලමේ අර බමුණත් නවතිනවා.නමුත් බුදු හාමුදුරුවෝ කිව්වේ නැ මම බුදුන් කියලා.බමුණා එක්ක කතාබහ කරගෙන යනකොට තමයි බමුණා තේරුම්ගත්තේ මේ ඉන්නේ තමන් හොයාගෙන යන බුදු හාමුදුරුවෝ කියලා.

ඔය යුටියුබ් සමහර බණකාරයෝ හින්දා රටට වෙලා තියෙන්නේ මහ විනාශයක් බොලව්.මුං කියන විදියට ගිහියන්ට පවුල් ජිවිතයක් ගතකරන්න බැහැ.මුංගේ මේ ගොන් බණ හින්දා පවුල් කීයක් විනාශවුණාද? .දැන් ඔය දරුවෝ අත්හැරලා තරුණ අම්මලා තාත්තාලා මහණ වෙන්නේ මෙන්න මුංගෙන් බණ අහලා.

ඉතාලියේ තරුණ සිංහල යුවලක් බොලව් යු ටියුබ් බණක් අහලා තියෙනවා .ඒකෙන් කියලා තියෙන්නේ පවුල් ජිවිත ගතකිරිම පාපයක් කියලයි.පස්සේ මේ ගෑනු ළමයා තමන්ගේ මනුස්සයා ලගට එයි කියලා පිහියක් ලග තියාගෙන බුදියගෙන තියෙන්නේ.ඔන්න මුංගේ ගොන් බණ අහල වෙච්ච එක කතාවක්.

අනික මුං හිතන් ඉන්නේ මහ ලොකු ජනප්‍රිය තරු කියලා.බණක් දෙකක් කියලා කවිබණක් දෙකක් කිව්ව ගමන් උන්ම දාගන්නවා විශාරද කියලා.විශාරද කියන වචනයේ තේරුමවත් ඔය සමහර එවුන් දන්නේ නැ බොලව්.

අනික ඔය බණට යද්දි රෙන්න බර හැදිච්ච එකාට පොලිසියට ගිහින් රීලා නොවෙයි ඇවිල්ලා තියෙන්නේ ඌ අසුචි නාලානේ බොලව්.අනේ මුංගේ ජනප්‍රිය කම.උන් හිතාන ඉන්නේ යන යන තැන උන්ට බුදියගෙන වදින්න ඔිනේ කියලා ගොන් හැත්ත.

රෙන්න ගිහින් අසුචි නාපු ජාතකය තමයි ඔය කිව්වේ ඔිං..

(වනවාසි රාහුල හිමිගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදි )

Exit mobile version