කොළඹ සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ඇල්ල ප්‍රදේශයේදී මහව පොලීසිය විසින් ඊයේ (18) පරීක්ෂාවට ලක්කර තිබුණි.
එහිදී බසයේ රියදුරු අසුන අසල තිබී රුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 143ක් සොයාගෙන තිබූ බවට වාර්තා වේ.
රියදුරු අසුන අසල කුඩා පාර්සලයක් තිබී ඇති අතර එය තම බත් පාර්සලය බවට රියදුරු ප්‍රකාශ කළ ද පොලීසිය එය පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම හෙරොයින් හමුවී තිබේ.
අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරා ව අද මහව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.
43 හැවිරිදි එම පුද්ගලයා රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.