අධික වේගය මරු කැදවයි.

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුතර වාඩියමංකඩ මංසන්ධියේ දී ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රීරෝද රථ රියැදුරා බරපතළ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කළුතර වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 52 ක් වූ සුගත් දයානන්ද සිල්වා නමැති විවාහක පුද්ගලයෙකි.

මරණකරු ත්‍රීරෝද රථ රියදුරෙක් වශයෙන් රැකියාව කර ඇති අතර කුලී ගමනක් යන අතරතුර මෙම අනතුර සිදුවන්නට ඇති බව සඳහන්.

ත්‍රීරෝද රථය පානදුර දෙස සිට කළුතර දෙසට අධික වේගයෙන් ගමන් කොට ඇති අතර ත්‍රීරෝද රථයට ඉදිරියෙන් ගමන්ගත් බස් රථයේ තිරිංග තද කිරීම නිසා ත්‍රීරෝද රථය නැවැත්වීමට නොහැකි වීම හේතුවෙන්  එය අනෙක් මං තීරුවට ලිස්සා ගොස් , අනතුරුව එය ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී තිබේ.

ත්‍රීරෝද රථයේ ගැටුණු බස්  රථයේ මංගල ගමනක් සඳහා යමින් සිටි පිරිසක් සිටි බව වාර්තා වේ.

Exit mobile version