හපුතලේ සහ දියතලාව අතර දුම්රිය මාර්ගයට අද (19) අලුයම පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා පැමිණි රාත්රී තැපැල් දුම්රිය හපුතලේ දැක්වා පැමිණ නතර කර ඇති බව සදහන්.
දුම්රිය ධාවනයට බාධා ඇති වීමත් සමග උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය පැය කිහිපයකට ප්රමාද වන බවද වාර්තා වේ.