උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ ,දියතලාව හා හපුතලේ අතරදී දුම්රිය මාර්ගයට අද (01) අලුයම පස් කන්දක් කඩාවැටීම හේතුවෙනි.
මෙම නායයාම හේතුවෙන් දුම්රිය මාර්ගයට විශාල ගල් සමග පස් කඳු කඩාවැටී දුම්රිය මාර්ගය අවහිරව ඇති බව වාර්තා වේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් හා යුධ හමුදා නිලධාරීන් එක්ව එම අවහිරතා ඉවත් කොට දුම්රිය ධාවනයට අවශ්‍ය කටයුතු සිදු කිරීමට පියවර ගනිමින් සිටින බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කර තිබේ.