HIV ආසාදිතයින් ගණන ඉහළට.

මේ වර්ෂයේ ගත වු මාස කිහිපය තුළ HIV ආසාදිතයින් 485 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවත් , ආසාදිතයින් වාර්තා වීම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවත් ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම ඇය සඳහන් කරනු ලැබුවේ දෙසැම්බර් පළමු වැනි දිනට යෙදෙන ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.

Exit mobile version