A9 මාර්ගයේ බිහිසුණු අනතුරක්.

අනුරාධපුර සිට කොළඹ දක්වා ධාවනය වු පුද්ගලික බස් රථයක් මරදන්කඩවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අද (18) අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

A9 මාර්ගයේ 105 හා 106 කිලෝමීටරය අතරතුර වංගුවකදී එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

අදාළ අනතුරින් එම බස් රථයේ ගමන්ගත් මගීන් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.

තුවාල ලැබූ මගීන් ප්‍රතිකාර සදහා මරදන්කඩවල රෝහල වෙත ඇතුලත් කර තිබෙන අතර 
ඉන් බරපතල තත්ත්වයේ පසු වූ කිහිප දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලත් පිරිස අතර පාසල් ළමුන් දෙදෙනෙක් ද සිටින බවට වැඩිදුරටත් වාර්තා වී තිබේ.

අනතුරට පත් බස් රථය හා එහි රියදුරු වැඩිදුර විමර්ශන සදහා මේ වනවිට මරදන්කඩවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් අත්අඩංගුවට ගෙන ඇති එම රියදුරු මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර රියැදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය අනුමාන කරනු ලබයි.

Exit mobile version