මුරකරුට ගැහුවා කියා රෝහල් සේවකයෝ වර්ජනයේ.

මතුගම වෑත්තෑව රජයේ රෝහලේ මුරකරුට එම රෝහලේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරුවකු පහරදිමක් සිදුකර පහර කෑ පුද්ගලයා රෝහල් ගතවී ප්‍රතිකාර ලබන බැවින් ඔහුට සාදාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා රෝහල් කාර්යමණ්ඩලය එම රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූ බව වාර්තා වේ .

සිද්ධිය සම්බන්ධයෙන් මතුගම මූලස්ථාන පොලිස් ස්ථානයට ඉකුත්දා ලැබුණු පැමිණිල්ලකට අනුව මතුගම පොලීසිය මගින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ .

Exit mobile version