නිල්වලා ගඟ හරස් කොට ඉදි කර ඇති ලවණ බාධකය නිවැරදි කර දෙන්නැයි ඉල්ලා මාතර දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලය අද (23) උදෑසන ආරම්භ කල විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මාතර නගරය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් හට ගත් බව වාර්තා වේ.
දහසකට ආසන්න ගොවීන් පිරිසක් පළමුව මාතර එෛතිහාසික බෝධීන් වහන්සේ අභියසට පැමිණ අධිෂ්ඨාන පූජාවක් පවත්වා ඉන් අනතුරුව විරෝධතා පා ගමනකින් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගණය ඉදිරිපිටට පැමිණියේය.
මේ නිසා මාතර කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී වාහන ගමනාගමනයට බාධා එල්ල වු අතර පොලීසිය අනෙක් මංතීරුවෙන් වාහන ධාවනය සිදු කලේය.
කෙසේ වෙතත් එම නීසා මාතර නගරයේ දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිබුණි.
නිල්වලා ලවණ බාධකය නිවැරදි කර දෙන්නැයි බල කරමින් ගොවීන් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගණය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක් ද ආරම්භ කර තිබේ.
තම ගැටලුවට විසදුමක් ලබා දෙන තුරු එම උපවාසය අත් නොහරින බවට ඔවුන් ප්‍රතිඥාවක් ද දුන් බව සදහන්.