දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති උණුසුම් කාලගුණ තත්ත්වය ,නිරිත දිග මෝසම ආරම්භ වන තෙක් පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව එළඹෙන 20 වනදාත් 25 වනදාත් අතර කාලයේදී නිරිතදිග මෝසම සක්‍රීය වනු ඇතැයි සදහන්.
එමෙන්ම උතුර, උතුරු – මැද ,වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලත් උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව සදහන්.
මේ අතර ගත වූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එය සෙල්සියස් අංශක 37 යි දශම 3 කි.