රහස් ප්‍රේමය නිමා වූ හැටි.

දෙදෙනෙකු අතර පැවති රහස් ප්‍රේම සබඳතාවක් හෙළිකිරීම හේතුවෙන් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මරණකරු හා සැකකරු එකට මත්පැන් පානය කරන අතරතුර මරණකරු විසින් එම ප්‍රේම සබඳතාව හෙළිකර ඇතැයි පොලීසිය පවසයි.

එසේ ඝාතනයට ලක් ව ඇත්තේ කළුතර උතුර, මහ වස්කඩුව කන්ද පන්සල පාරේ පදිංචි ව සිටි රේමන් ජයතිස්ස නැමැති 67 හැවිරිදි තිදරු පියෙකි.

පහර දීම සිදු කළ බව කියන එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු එම ප්‍රදේශයේම පුද්ගලයෙකු බවට වාර්තා වේ.

පහරදීම සඳහා යොදාගත් පොල්ල ද පොලීසිය භාරයට ගෙන ඇති අතර, සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Exit mobile version