අද (20) දින සූර්යග්‍රහණයක් සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හදුන්වනු ලබන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළ බවට වාර්තා වේ.
එයට හේතුව එකම සූර්යග්‍රහණය තුළ එය පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරු වීමයි.
ශ්‍රී ලංකා සම්මත වේලාවට අනුව සූර්යග්‍රහණය අද ඉන්දියන් සාගරයෙන් පෙරවරු 7.04 ට ආරම්භ වී දහවල් 12.29ට පැසිෆික් සාගරයෙන් අවසන් වීමට නියමිතය.
සූර්යග්‍රහණය වළයාකාර අවස්ථාවේ සිට පූර්ණ අවස්ථාවට සංක්‍රමණය වී නැවත වළයාකාර අවස්ථාවට සංක්‍රමණය වීම දැකගත හැකි ස්ථාන දෙකක් පමණක් පෘථිවියේ ඇති මුත් අවාසනාවන්ත ලෙස මෙම ස්ථාන දෙකද සාගරේ මැද පිහිටා ඇති බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කරයි.
මෙම සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම බොහෝ රටවලටද දෘෂ්‍යමාන නොවන අතර මෙය දැකිය හැක්කේ ලෝක ජනගහනයෙන් 8.77% කට තරම් සුළු කොටසකට පමණි.
දෙමුහුන් සූර්යග්‍රහණය ඉතා දුර්ලභ වන අතර අවසන් දෙමුහුන් සූර්යග්‍රහණය මීට වසර 10කට පමණ පෙර දැකගත හැකි වූ අතර මීළග දෙමුහුන් සූර්යග්‍රහණය 2031 නොවැම්බර් මාසයේදී සිදුවනු ඇත.
මෙය ලංකාවට දිස් නොවෙන නමුත් නාසා වෙබ් අඩවි ඔස්සේ සජීව විකාශය නැරඹීමට හැකි බව තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.