ඊයේ (24) දිනයේ පැවති බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර 20යි 20 තරඟාවලියේ දී ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ළහිරු කුමාරට අයි සී සී ය විසින් දඩ නියම කර ඇත.
ඒ අනුව ළහිරු කුමාරට තරඟ මුදලෙන් 25%ක දඩ මුදලක් සහ ලිටන් දාස් ට තරඟ මුදලෙන් 15%ක් ද වන ලෙස දඩ නියම කිරීම සහ දෙදෙනාටම අකුසලතා ලකුණක් බැගින්ද පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.
ළහිරු කුමාර සහ ලිටන් දාස් දෙදෙනාම වරද පිළිගැනීම නිසා අදාළ ගැටලුව සමතයකට පත්කර ඇත.