අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කර තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසටයි.
වාර්තා වන ආකාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව එම කැබිනට් අනුකමිටුව පත් කළ අතර ඒ සඳහා ටිරාන් අලස්, මනුෂ නානායක්කාර, කංචන විජේසේකර යන අමාත්‍යවරුන්ද ඇතුළත්ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්රශ්නය විසඳීම සඳහා පක්ෂ විපක්ෂ භේද අතහැර පාර්ලිමේන්තුවේ සියලුදෙනා එක්විය යුතු බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පවසා තිබේ.