ICC ය ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි.

ICCහි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව වාර්තා වේ.

ICC මණ්ඩලය අද (10) රැස් වී තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට්, ICCහි සාමාජිකයකු ලෙස එහි වගකීම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බවයි.

විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීන ව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට රජයේ මැදිහත් වීමක් නොමැති බවට සහතික වීම ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ තීරණය වෙනස් වීමට බලපානු ඇති බව ද වාර්තා වේ.

Exit mobile version