බළංගොඩට අයිස් වැස්සක්.

මාස දෙකකට අධික කාලයක් බළංගොඩ ප්‍රදේශය පුරා පැවති දැඩි නියඟය නිමා කරමින් ඊයේ(06) සවස 5.00 ට පමණ බළංගොඩ සහ අවට ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබුණු බවට ප්‍රදේශවාසීහූ කියති.

මෙම වර්ෂාවත් සමඟ අයිස් කැට ද බිමට පතිත වු බව සදහන්.

බළංගොඩ කිරිමැටිතැන්න, යහලවෙල, තොටුපලතැන්න, හපුගහකුබුර, කහටපිටිය, බල්ලපානතැන්න, කැකිල්ල, බටුගමිමන ආදි ප්‍රදේශවලට මෙම වර්ෂාව ලැබි තිබේ.

පැය දෙකකට අධික කාලයක් මෙම වර්ෂාව එක දිගට පතිත වු බව වාර්තා වේ.

Exit mobile version