පුනර්ජනනීය ප්‍රභවයගෙන් විදුලි නිෂ්පාදනය ඉහළ දැමීමේ වැඩසටහන යටතේ මෙගාවොට් 4000 ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනාගැනීම මේ වන විට ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළබව වාර්තා වේ.
එම සැලැස්මට අනුව මෙගාවොට් 3000ක බිම්ගත සූර්ය පැනල සහ ජලය මත පාවෙන සූර්ය පැනල මඟින් විදුලිබලය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති සහ මෙගාවොට් 1000 ක සුලං ප්‍රභව මඟින් විදුලිබලය උත්පාදනය කිරීමේ ව්‍යාපෘති සඳහා වන අවශ්‍ය ඉඩම් හඳුනාගැනීම් සහ ජල ප්‍රභව හඳුනාගැනීම් සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.