විදෙස් බලය සංවිධානයේ කැදවුම්කරු ජනක බලල්ල මහතා විසින් සදහන් කොට ඇත්තේ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ඇමැතිවරයාට කොන්දක් තිබේනම් විදේශ රැකියා ක්ෂේත්රය ඩිජිටල් කිරීමේ කටයුතු වේගවත් කළ යුතු බවයි.
වැඩි දුරටත් සදහන් කර ඇත්තේ විදේශ රැකියා ක්ෂේත්රය ඩිජිටල්කරණයට ලක් කිරීම ප්‍රමාද කරන්නේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මිනිස් ජාවාරම්කරුවන්ගේ සාක්කුවට වැටී තිබෙන නිසාදැයි ප්‍රශ්න කරන බවත්, විදේශ රැකියා ක්ෂේත්රය ඩිජිටල් කිරීමට අවශ්‍ය මුදල් නොමැති නම් විදේශ ගත ශ්‍රමිකයින් එක්ව හෝ එම මුදල සොයා දීමට කටයුතු කරන බවද ඔහු පවසා තිබේ. ඒ මහතා මේ බව සදහන් කොට ඇත්තේ කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමිනි.