තමන්ගේ රටේ ක්‍රිකට් තමන්ම ICCයට කියලා තහනම් කරන්න තරම් යම් පිරිසකට වුවමනා වීම කෙතරම් ඛේදජනකද? ICC ක්‍රිකට් තහනමෙන් පසු ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා රොෂාන් රණසිංහ මහතා සමග සිදුකළ පළමු සාකච්ඡාවේදී බරපතළ අනාවරණයන් රැසක් සිදු කරන ලදි.
රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ක්‍රිකට් තහනම් කිරීමට මත්තෙන් කාලකණ්ණි පිරිසක් එක් වී ජය පැන් පානය කර ඇති බවත් ඉන් පසු පැය 24 ත් 48 ත් අතර කාලයේදී ක්‍රිකට් තහනම් වූ බවත්ය .
එමෙන්ම මෙතරම් දූෂණයක් පෙනි පෙනීත් සමහරුන් දෙන මාධ්‍ය ප්‍රකාශන මගින් ක්‍රිකට්වලට යම් පක්ෂග්රහයක් දක්වන පිරිසක් ජනාධිපති කාර්යාලයේ සිටින බවට තහවුරු වන බව පවසයි.
එම නිසා ජනාධිපති කාර්යාලයට ගොස් තමා බොන වතුර උගුරකට හෝ වහ ටිකක් දමා දෙන්නේයැයි බියක් ,සැකයක් පවතින බවට ප්‍රකාශ කරයි.
එමෙන්ම ඩුබායිහිදී මාගේ බෑග් එකට කුඩු දැමීමට ප්ලෑන් එකක් තිබූ බවත් පවසයි.
එසේම ශම්මිගේ වාසස්ථානය ඩුබායි බවත් ඔහු එහි නිතර යන එන බවත් තහනම පැනවූ පසුත් ප්‍රධාන දේශපාලඥයන් කිහිප දෙනෙකු එහි ගිය බවත් ප්‍රකාශ කරයි.
මෙලෙස මා හට මින් පෙර කිසිවෙකුගේත් බලපෑමක් නොතිබූ බවත් කිසිවෙකුට මාව හිරේ දැමීමට හෝ මාගේ චරිතය ඝාතනය කිරීමට උවමනාවක් ඇති බවත් මෙය දරුණු මාෆියාවක් බවත් පවසයි.
එමෙන්ම ජනාධිපති LPL බැලීමට මාගේ අනුමැතිය නොමැතිව ගිය බවත් ජේෂා ජනපති හමුවීමට මෙවර පැමිණ ඇති අවස්ථාවේ පාලක මණ්ඩලය ඔහුට තමා හමුවීමට ඉඩ නොදුන් බවත් පවසයි.
එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ කව්රුන් හෝ දෙතුන් දෙනෙක් තදබල ලෙස ක්‍රිකට් වලට විකිණී අවසන් බවද ප්‍රකාශ කරයි.
ඔහු අවසාන වශයෙන් අවධාරණය කර සිටින්නේ ජනපතිතුමා සිටින්නේ ක්‍රිකට් පැත්තේනම් මාව තනතුරෙන් ඉවත් නොකරන බවත් එතුමට හොරු රකින්න ඕනිනම් මාව ඉවත් කරන බවත්ය .
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත වීඩියෝව නරඹන්න .