පාරිභෝගික සේවා අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් නිලධාරීන් විසින් ඊයේ (14) පිටකොටුව ප්‍රදේශයේ රෙදිපිළි ඇතුළු වෙළෙඳසැල් රැසක් පරික්ෂා කළ අතර එහිදී භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙඳසැල් 3කට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව වාර්තා වේ .
භාණ්ඩ වල මිල ප්‍රදර්ශනය නොකරන්නේ නම්, එම භාණ්ඩ නොමිලේ ලබා ගන්නා ලෙස අදාළ නිලධාරීන් විසින් දැනුම්දී තිබෙන අතර මිල ප්‍රදර්ශනය කිරීමට වෙළෙඳ ප්‍රජාව උනන්දු කිරීමේ අරමුණෙන් මෙම උත්සාහය ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කර තිබේ .