මහජන කැලඹීම වසර ගණනක් ඉදිරියට, පොලිස්පතිට – අල්ලස් චෝදනාවකුත් එල්ල වෙයි
රට තුළ පවතින මහජන කැළඹීම තවත් වසර කිහිපයක් තුළ පවතිනු ඇති බවට ක්ෂේත්රයේ විද්වතුන් විසින් පුරෝකථනය කර ඇති බව සඳහන් කරමින් පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කරන ලද ලිපියක් පිළිබඳ මේ වන විට කරුණු හෙළි ව තිබෙනවා.
එම ලිපිය යොමු කරමින් ඔහු සඳහන් කර තිබෙන්නේ එම ජනතා විරෝධය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලීසියට ආයුධ මිලදී ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බවයි.
ඊට අදාළ ව කඳුළුගෑස් උණ්ඩ දස දහසක් සහ කඳුළු ගෑස් බෝම්බ පන්දහසක් මිලදී ගැනීමට පොලිස්පතිවරයා විසින් යෝජනා කර තිබෙන්නේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදය ද බැහැර කරමින් වීම විශේෂත්වයක්.
රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ රුපියල් කෝටි ගණන් වැය කරමින් මෙම ආයුධ
තොගය මිල දී ගැනීමට යාම හේතුවෙන් ජනතාව තුළ රජය පිළිබඳ අප්‍රසාදයක් ඇති වනු ඇති බවත් එබැවින් විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව අදාළ කටයුතු සිදු කිරීම උචිත බව ද ඔහු සියලු මෙමගින් යෝජනා කර තිබෙනවා.
ඊට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද පොලිස්පතිවරයා සඳහන් කළ කරුණු අනුමත කරමින් අදාළ යෝජනාවට එකඟතාවය පළ කර ඇති බව ද අල්ලස දූෂණය සහ නාස්තිය ට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා පවසා තිබෙනවා.
ඒ අන්තර්ජාල නාළිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.