දිනෙන් දින තරුණ පරම්පරාව මත් රකුසාට ගොදුරු වීම සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. නව යොවුන් වියේ පසුවන්නන් සේම පාසල් දරුවන්ද මෙලෙස මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහිවීමක් දක්නට ලැබේ.මේ පිළිබඳව වෛද්‍ය විරාජ් පෙරේරා මහතා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති අන්තර්ජාල සාකච්ජාවේදී අදහස් දක්වන ලදි.
විරාජ් පෙරේරා මහතා පෙන්වා දෙන ආකාරයට මත්ද්‍රව්‍ය ජාල දේශපාලකයන්,නිලධාරින් ,පාතාලේ ලොක්කන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් මගින් නිර්මාණය වී ඇති අතර ඔවුන්ගේ ඉලක්ක බවට පත් වී ඇත්තේ නව යොවුන් වියේ පසුවන්නන්,තරුණ පිරිස් හා පාසල් දරුවන්ය.මත්ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් මුහුදු හරහා සංසරණය වන අතර මේවා ටැබ්ලට්,ටොෆි,ලොසින්ජර්… ආදී වශයෙන් එකිනෙකා මාර්ගයෙන් හුවමාරු වන අතර පාසල් තුලටද මේවා ව්‍යාප්ත වන බවට ප්‍රකාශ කර තිබේ.
මේ අනුව ගංජා,හෙරෝයින් ,අයිස්,කොකේන්,ටැබ්ලට් (ටැබ්ලින්,පැනඩෝල්) ආදී වශයෙන් භාවිත කරන්නන්ගේ මනසේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම බිද වැටී මත්වූ ස්වභාවයක් පෙන්නුම් කරන අතර මත්වු ස්වභාවය ශරීරයෙන් දුරස් වූ විට ඔවුන්ට නැවත මත්ද්‍රව්‍ය ලබා ගැනීමට අවශ්‍යතාවය මතුවේ.මේ අනුව නැවත නැවත මත්ද්‍රව්‍ය භාවිතයට ගැනීමෙන් මත්ද්‍රව්‍ය කෙරෙහි ඇබ්බැහිවීමක් දක්නට ලැබෙන අතර එලෙස ඇබ්බැහිවූවන් හදුනා ගත හැකි ලක්ෂණ ලෙස,
• කුමක් හෝ කාරණයක් යොදා ගෙන නිවසින් පිටවීම.
• නිතර කේන්ති යාම.
• අධික ලෙස බොරු කීම.
ආදි කරුණු ප්‍රකාශ කර සිටී.
විරාජ් පෙරේරා පෙන්වා දෙන ආකාරයට මත්ද්‍රව්‍ය කෙරෙහි ලොල් වූ පුද්ගලයන් එම ඇබ්බැහිවීම් වලින් වලක්වා සාමාන්‍ය පුද්ගලයන් වශයෙන් සමාජගත කිරීමට තමාගේ හෝමියෝපති ප්‍රතිකාර සහ මානසික උපදෙස් මාලාව ඉතා සාර්ථක ක්‍රමවේදයක් බවත් ලෝකයේම මෙම ඇබ්බැහියෙන් රෝගින් මුදවා ගත හැකි එකම පුද්ගලයා ඔහු බවද ඉතා වගකීමෙන් යුතුව පවසා තිබේ.
එසේම මත්ද්‍රව්‍ය භාවිතයෙන් වලක්වා ගන්නා සේම නැවත මත්ද්‍රව්‍ය පිළිබඳව කතා කිරීමටවත් කැමති නැති පුද්ගලයෙකු බවට පත් කිරීමට තරම් ඔහුගේ මෙම ප්‍රතිකාර ක්‍රම දිව්‍ය ඖෂධයක් බවත් පැහැදිලි වේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත වීඩියෝව නරඹන්න.