ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජියොජියේවා ප්‍රකාශ කළේ 2022 වර්ෂයට වඩා 2023 වර්ෂය සමස්ත ලෝකයටම දුෂ්කර වසරක් වන බවයි.
ඊට හේතුව වශයෙන් ඇය පෙන්වා දී ඇත්තේ අමෙරිකාව, යුරෝපා සංගමය සහ චීනයේ මන්දගාමී වර්ධනයක් පැවතීම බවයි.
පසුගිය ඔක්තෝබර් මස ගෝලීය ආර්ථික වර්ධන අනුපාලය 2.7%ක් ලෙස යුක්රේන යුද්ධය සහ ඉහළ පොලී අනුපාත හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයට පත් කරන ලදී.
එමෙන්ම ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ ලෝකයේ දෙවන ආර්ථිකය හිමිවන චීනය කොවිඩ් සෞඛ්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීමෙන් අනතුරුව ආසාදිතයින් ඉහළ යෑමෙන් වසර 40කට පසු පළමුවරට ආර්ථික වර්ධන වේගය පහත වැටී ඇති බවයි.
මේ අතර යුක්රේන යුද්ධයෙන් යුරෝපා සංගමයේ ආර්ථිකයට එල්ලවූ දැඩි බලපෑමක් සමග දැඩි ආර්ථික අවපාතයක ලක්ෂණ පෙන්නුම් කරන බව ද ඇය ප්‍රකාශ කළේය.