IMF සාකච්ඡාවක් ගැන ජනපති කළ දැනුම්දීම.

විකල්ප යෝජනා තිබේනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට එකතු වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වේ.

එවැනි තීරණාත්මක සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මියට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට තමා සූදානම් බව ද ඔහු පවසා තිබේ.

ජාත්‍යන්තර රේගු දිනය සමරමින් කොළඹ රේගු මූලස්ථානයේදී පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

Exit mobile version