IMF කොන්දේසි දේවාශිර්වාදයක්. –  කබීර් හෂීම්

සමහර පාලකයන් මෙරටට සිඳු කළ හානිය සමඟ සසඳන විට IMF කොන්දේසි දේවාශිර්වාදයක් බවත් , විදේශිකයන්ට බදු සහන ලබා දීම නතර කරන ලෙස මූල්‍ය අරමුදලේ කොන්දේසිවල තිබෙන බවත්  සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම බදු සහන සමඟ විදේශිකයන්ට දුන් ෂැන්ගිලා හෝටලයෙන් කිසිඳු ආදායමක් මෙරටට නොලැබෙන බවත් , මන්නාරම සුළං බල කම්මල පවා ප්‍රසම්පාදන කටයුත්තකින් තොරව අදානිට දී ඇති බවත් , මෙවන් ක්‍රියා ජාතික අපරාධ බවත් කබීර් හෂීම් මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version