ඉන්දියාවෙන් ආනයනය කරන සියලුම බිත්තර පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට පියවර ගෙන ඇති බවත් , දෛනිකව බිත්තර මිලියනයක් ආනයනය කරන බවත් , දෛනිකව ලංකා සතොස හරහා බිත්තර මිලියනයක් බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවත්
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඒ අනුව ලබන සතිය වන විට සියලුම සුපිරි වෙළෙඳසල් සඳහා ඇසුරුම් කරන ලද බිත්තර බෙදාහැරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත්, සුපිරි වෙළෙඳසල්වල විකිණීමට ඇති ඇසුරුම් කරන ලද බිත්තරයක මිල රුපියල් 42ක් වන බවත් ඔහු සඳහන් කර තිබේ .
කෙසේනමුත් බේකරි සහ කර්මාන්ත සඳහා එම බිත්තර ලබාදීමට හැකියාවක් නොමැති බව ඔහු අවධාරණය කර තිබේ .