ආනයනික බිත්තර අද සහ හෙට වෙළඳපොළට.

ශීතාගාරවල ගබඩා කර ඇති ආනයනික බිත්තර මිලියන 6ක් අද (13) හා හෙට (14) වෙළෙඳපොළට නිකුත් කිරීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව තීරණය කර තිබෙන බව වාර්තා වේ .

එහි සභාපති ආසිරි වලිසුන්දර ප්‍රකාශ කළේ සතොස හරහා එම බිත්තර මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව පවතින බවත් , වෙළෙඳපොළේ බිත්තර මිල ඉහළ යාමත් සමග එය පාලනය කිරීම සඳහා විෂය භාර අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ පියවර ගත් බවත් ය.

Exit mobile version