පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, බන්ධනාගාරයේ සිටියදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයට ගනිමින් ජන රැලියක් අමතා ඇති බව වාර්තා වේ.
ඉම්රාන් නියෝජනය කරන්නේ ‘තරීක් ඊ ඉන්සාෆ්’දේශපාලන පක්ෂයයි.
‘තරීක් ඊ ඉන්සාෆ්’ පිහිටුවූයේ ද ඉම්රාන් ඛාන් විසිනි.
මිනිත්තු 4 ක වීඩියෝවක් හරහා ඉම්රාන් ජන රැලිය ඇමතූ අතර එම වීඩියෝවට ඇතුළත් ඉම්රාන්ගේ හඬ, බන්ධනාගාරයේ දී පටිගත කරන ලද්දක් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
වීඩියෝ දසුන්වල සිටින ඉම්රාන්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් පරිගණක ඇසුරෙන් නිර්මාණය කර ඇති බව සදහන්.