2022 වර්ෂයේදී පමණක් භික්ෂූන් වහන්සේලා 1890 දෙනෙකු උපැවිදි වී ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අනාවරණය කර තිබෙන බව වාර්තා වේ .
1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 41 වැනි වගන්තිය අනුව සාමණේර උපසම්පදා ස්වාමීන්වහන්සේලා ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කරන අතර ඒ අනුව 2022 වර්ෂයේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාල සීමාව තුළදී සාමණේර ස්වාමින් වහන්සේලා 3286ක් ලියාපිදිංචි කර ඇති බව සඳහන් .
වාර්තා වන ආකාරයට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව භික්ෂුන්වහන්සේලා 1890 දෙනකු සඳහා උපැවැදි සහතික නිකුත් කර තිබේ.
එමෙන්ම බෞද්ධ විහාර දේවාලගම් පනතට අනුව පැවිදි දිවියට ඇතුළත් වන සහ උපසම්පදාව ලබන සියලු භික්ෂුන්වහන්සේලා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු අතර එම ආඥා පනත බලාත්මක වූ දින සිට පසුගිය වසරේ දෙසැම්බර් 31 දක්වා සාමණේර ලේඛන එක්ලක්ෂ දහසයදහස් දෙසීය අසූහයක් ද උපසම්පදා ලේඛන පනස් නවදහස් හයසිය අසූ පහක්ද ලියාපදිංචි කර තිබේ .