තමන් සතුව ආනයනික තිරිඟු පිටි තිබෙන්නේ දින කිහිපයකට පමණක් බව පිටකොටුව පිටි ආනයනයකරුවෝ ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .
තිරිඟු පිටි ආනයනය ඉකුත් 16 වනදා සිට ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව මඟින් සම්පුර්ණයෙන්ම තහනම් කළ බවත් , ආනයනය කළ තිරිඟු පිටි තොග අවසන් වෙමින් තිබෙන බවත් , ඒ හේතුවෙන් පිටි ආනයනය කිරීමට අවසර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියත් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් ඔවුන් සඳහන් කර තිබේ .
එමෙන්ම තිරිඟු පිටි ආනයනය නතර කිරීම සහ මෙරට තිරිඟු පිටි නිෂ්පාදනය කරන සමාගම් දෙක මඟින් රටතුළ පිටි ඒකාධිකාරයක් ඇති කරන බවත් ඔවුන් පෙන්වා දී ඇති අතර මේ හේතුවෙන් ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි විය හැකි බවද ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ .