මහ කන්නයේ වැඩිම වී අස්වැන්න උඩවලවෙන්.

මෙවර මහ කන්නයේ වැඩිම වී අස්වැන්න උඩවලව කලාපයට අයත් කුඹුරුවලින් වාර්තා වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූ බව වාර්තා වේ.

පසුගිය යල කන්නයේ පැවති දීර්ඝ නියඟය හේතුවෙන් වැඩිම වගා හානි වාර්තා වූ උඩවලව කලාපයේ කුඹුරුවලින් මෙවර වැඩිම වී අස්වැන්න වාර්තා වී තිබීම විශේෂිත සිදුවීමක් බව ද අමාත්‍යවරයා පවසා තිබේ.

වී වගාව සදහා බිම් සකස් කිරීමේ දී  තැටි නඟුල හා මෝල්ඩ්බෝර්ඩ් නඟුල් යොදා ගැනීමෙන් වැඩිම අස්වැන්නක් ලබා ගැනීමට හැකි වන බවද   අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

Exit mobile version