හල්තොට ලෙනවර උයන පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බවට මිල්ලනිය පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.
සැකකරුවන් සමග කැණීම් උපකරණද පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 හා 45 අතර පසුවන හල්තොට හා හොරණ ප්රදේශවල පදිංචිකරුවන්ය.
සැකකරුවන් හොරණ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මිල්ලනිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.