මෙම වර්ෂයේ ගත වූ මාස 10 තුළ ත්රිවිධ හමුදාවේ නිලධාරීන් 140 ක් ඇතුළුව 15360 දෙනෙක් හමුදා සේවය අතහැර පැන ගොස් තිබෙන බව වාර්තා වේ .
මෙම පිරිසට යුද හමුදාවේ නිලධාරීන් 99 දෙනෙක් , නාවික හමුදාවේ නිලධාරීන් 26 දෙනෙක් හා ගුවන් හමුදාවේ නිලධාරීන් 15 දෙනෙක් අයත් වන බව සඳහන් .
එමෙන්ම සෙසු නිලයන්හි පැනගිය 15220 ක් අතර යුද හමුදාවේ 12643 ක් , නාවික හමුදාවේ 1770 ක් ද අයත් වේ.
පැනගිය නිලධාරීන් හා සෙසු නිලයන් අත්අඩංගුවට ගැනීමට මේ වනතුරු ක්රියාත්මක වී ඇත්තේ එක් පොදු සමා කාලයක් පමණක් වන අතර මෙතෙක් පැනගිය පිරිස් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්රියාත්මක කර නොමැති බව වාර්තා වේ .
රට පුරා සිදුවන මිනීමැරුම් හා මැර ක්රියාකාරකම් සඳහා පාතාල නායකයන් විසින් හමුදාවෙන් පැනගිය අය කොන්ත්රාත් ඝාතකයන් ලෙස යොදවා ගන්නා බව විමර්ශනවලදී මීට පෙර ද හෙළිවී තිබිණි.