2022/23 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට නියමිත බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරන්නේ සැප්තැම්බර් 14 වැනිදා සිට ඊට අදාළ අයදුම්පත් භාර ගන්නා බවයි.
අයදුම්පත් සහිත අත්පොත මේ වනවිට අවසරලත් පොත් සාප්පුවලින් ලබාගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.