මිලියන ගණනක් පරිශීලකයින්ගේ පසුගිය වසර දෙක තුළ අක්රීයව පවතින Gmail ගිණුම් මකා දැමීම හෙට (01) දිනයෙන් ආරම්භ කරන බව Google සමාගම ප්රකාශ කළ බව වාර්තා වේ .
ඒ අනුව Google Drive, Docs, Calendar, Meet, සහ Google Photos යෙදුම්වල ඇති සියලුම අන්තර්ගතයන් පරිශීලකයින්ට අහිමි වේ .
ගිණුම මකා දැමීමට පෙර පරිශීලකයින්ට ඔවුන්ගේ ‘Gmail ගිණුම මකා දැමීමට සැලසුම් කර ඇති බවට’ දැනුම්දීම් කිහිපයක් යැවීමට නියමිතව තිබෙන අතර මේ හරහා නැවත ගිණුම් සක්රිය කර ගැනීමට කාලයක් ලබාදෙන බව වාර්තා වේ .
වංචාකරුවන්ගෙන් පරිශීලකයින්ගේ තොරතුරු ආරක්ෂා කිරීම සඳහා හඳුන්වාදුන් නව ප්රතිපත්ති රාමුවට අනුව මෙසේ ගිණුම් මකා දමන බව සඳහන්.