විදේශ ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ආදායම ඉහළට

විදේශ ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ආදායම පෙබරවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 400 සීමාව ඉක්මවා තිබෙන බවට වාර්තා වේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 407ක ප්‍රේෂණ පසුගිය මාසයේදී ලැබී ඇති බවට මහ බැංකුව නිවේදනය කර තිබේ.

2022 වසරේ පෙබරවාරි මාසයේ විදෙස් ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 205 ක මුදලක් පමණයි.

Exit mobile version