පශු සම්පත නගා සිටුවන්න ඉන්දීය සහාය.

මෙරට පශු සම්පත් ක්ෂේත්‍රය නගා සිටුවීම උදෙසා පූර්ණ සහාය ලබා දීමට ඉන්දීය රජය සහාය පළ කර තිබෙන බව වාර්තා වේ.

මේ පිළිබදව මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා කෘෂිකර්ම අමාත්‍යවරයා සමග ද සාකච්ඡා කර ඇති බව සදහන් . එමෙන්ම ජනාධිපතිවරයා හමුවේද මේ සම්බන්ධයෙන් එකගතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරන ලදී .

ඉන්දියාවේ දැනට භාවිතා කරන ඉහළ තාක්ෂණික දැනුම මෙන්ම වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි උසස් වර්ගයේ ගවයින්ද මෙරට ලබා දීම සදහා ඉන්දීය රජය සිය එකගතාව පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කරන ලදී .

Exit mobile version