“උද්ධමනය අඩු වුණේ 2023 අයවැය නිසයි” – රංජිත් සියඹලාපිටිය

රටේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවුණේ 2023 අයවැය ලේඛනය සාර්ථකව ක්‍රියාත්මක වූ නිසා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද ( 14) පැවසූ බව වාර්තා වේ.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද ප්‍රකාශ කර තිබේ.

“විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නය වැදගත්. විස්තරාත්මක පිළිතුරක් පසුව දෙනවා.රටේ උද්ධමනය අඩුවුණේ 2023  එම අයවැය යෝජනා ක්‍රියාත්මකවූ නිසයි. බදු ආදායමේ සියයට 48 ක වර්ධනයක් ඇතිවුණා.සියලු ධනාත්මක කරුණුවල අයිතිය 2023 අයවැය ලේඛනයට හිමිවෙනවා.”

Exit mobile version