ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළගොස් ඇති බවට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව නොවැම්බර් මාසයේදී උද්ධමනය සටහන් වූවේ සියයට 2.8ක් ලෙසටය.
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝම්බර් මාසයේදී උද්ධමනය සියයට 1ක් ලෙස සටහන් වී තිබේ.
මේ අතර ඔක්තෝම්බර් මාසයේ සියයට -5.2 ට පැවති ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට -2.2ක් දක්වා ඉහළගොස් තිබේ.
ආහාර නොවන උද්ධමනය 2023 ඔක්තෝම්බර් මාසයේදී සියයට 6.3ක් ලෙස පැවති අතර එය නොවැම්බර් මාසයේදී සියයට 7.1ක් දක්වා ඉහළගොස් ඇති බවට ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.