උද්ධමනය ඉහළට .

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය ඔක්තෝබර් මාසයේදී වැඩිවී ඇති බවට ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී සියයට 1.3ක්ව පැවති උද්ධමනය මෙම මාසයේදී සියයට 1.5ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාර උද්ධමනයේ වෙනසක් සිදුව නොමැති අතර එය සඳහන් වන්නේ සෘණ 5.2ක් ලෙසයි.

Exit mobile version