ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝදන කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන බැවින් ග්‍රාම නිලධාරීවරුන් ගෙන් ගෙට ගොස් අදාළ පත්‍රිකා සම්පූර්ණ කිරීමේ කටයුතු සිදු නොකරන බවටත් , ඇතැම් ග්‍රාම නිලධාරීවරුන් ඔවුන්ගේ කාර්යාල වෙත ජනතාව ගෙන්වා ගෙන අදාළ පෝරමයන් සම්පූර්ණ කරන බවත් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙත තොරතුරු වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසම සදහන් කර තිබේ.
එමෙන්ම ගෙන් ගෙට ගොස් කටයුතු කිරීම වෙනුවෙන් ග්‍රාම නිලධාරීවරුන් හට දීමනාවක් ලබා දීමටද කටයුතු කරන බව එම කොමිසම ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව ඡන්ද නාමලේඛන ප්‍රතිශෝදන කටයුතු සිදු කිරීමේ දී ග්‍රාම නිලධාරීවරුන්ගේ කර්යභාර්ය අත්‍යාවශ්‍ය නොවන බවත් , ගෙන් ගෙට ගොස් ග්‍රාම නිලධාරීවරුන් හට සේවය කිරීමට අපහසු නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වෙනත් පාර්ශව යෙදවිය හැකි බවත් මැතිවරණ කොමිසම වැඩි දුරටත් ප්‍රකාශ කළ බව වාර්තා වේ .