මහින්දානන්දගෙන් ‘සුරාබදු දෙපාර්තමේන්තුවට’ උපදෙස්  

පාර්ලිමේන්තුවේ ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට උපදෙස් දී ඇත්තේ විශාල මහා පරිමාණයේ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් රජයට අයවිය යුතු බදු මුදල් අයකර ගැනීමට අවශ්‍ය කටයුතු ඉක්මනින් සිදු කරන ලෙසයි.

ඒ මහතා තවදුරටත් සදහන් කොට සුරාබදු නිලධාරීන් හට පෙන්වා දී ඇත්තේ මෙම වසරේ සුරාබදු ආදායම රුපියල් බිලියන 217 ක් වුවත් මේ දක්වා  උපයා ඇති බදු මුදල රුපියල් බිලියන හැත්තදෙකයි දශම නමසිය අසූපහක් වන බැවින් රජය විසින් බලාපොරොත්තු වන ආදායම සුරාබදු දෙපාර්තමේන්තුවට නොලැබී ඇති බවයි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ වසර ගණනාවක සිට සුරාබදු ආදායම වැඩිවී නැති බවත් මත්පැන් නිෂ්පාදිත සමාගම්වලින් නියමිත ආකාරයෙන් බදු අයකර ගන්නා ලෙසත් එසේ බදු නොගෙවන නිෂ්පාදන ආයතනවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා ලෙසයි.

Exit mobile version