උත්සව සමයේ අඛණ්ඩව විදුලිය දෙන්නැයි ඇමතිගෙන් උපදෙස්.

එළැඹෙන සතිඅන්ත නිවාඩු සමයේ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇතැයි කංචන විජේසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ අනුව හදිසි නොවන නඩත්තු කටයුතු සඳහා ද විදුලි විසන්ධි කිරීමෙන් වළකින ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බවත් , නඩත්තු කටයුතු සඳහා විදුලි විසන්ධි කිරීම පිළිබඳ ජත්‍යන්තර මර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට අදාළ පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සදහන් කර තිබේ .

නිරන්තරයෙන් විදුලිය විසන්ධි කරන බවට ජනතාවගෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවර ගෙන ඇති අතර අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ අනවශ්‍ය ලෙස සතිඅන්තයේ සිදුකරන නඩත්තු කටයුතු හේතුවෙන් අතිකාල දීමනා සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි .

Exit mobile version