පෞද්ගලික විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලැබීම සඳහා සිසුන් 5000කට රජයෙන් ලබා දෙන පොලී රහිත ණය මුදල ලබන සතියේ සිට නැවත ලබා දීමට කටයුතු කරන බවත් , ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මෙම සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සඳහා රුපියල් ලක්ෂ 9 ක පොලී රහිත ණය මුදලක් හිමිවන බවත් එය ගෙවා දැමීම සඳහා වසර දෙකක සහන කාලයක් ලබා දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
එමෙන්ම රටක පවතින හොදම ආයෝජනය අධ්‍යාපනය බවත් අසීරු අවස්ථාවලදී පවා අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.