මෙරට සැබෑ ආර්ථිකය වෙත මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බවත් , පෞද්ගලික අංශයේ පොලී අනුපාත තවදුරටත් පහළ යා යුතු බවත්
මහබැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (07) පැවති උත්සවයකට සහභාගී වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එමෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බවත්, පහළ යන උද්ධමනය අනුපාතය අනුව ප්‍රතිපත්ති අනුපාත තවදුරටත් ලිහිල් කිරීමට අවස්ථාව පවතින බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.
මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ මෙරට ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවූ උද්ධමනය සහ මුදල් පීඩනය මැඩපැවැත්වීම සඳහා වාර්තාගත ලෙස පොලී අනුපාත ඉහළ දැමීමට පියවර ගත් බවත් , පසුගිය මාස දෙක තුළ ප්‍රතිපත්ති අනුපාත පදනම් අංක 450කින් පමණ අඩුකිරීමට හැකි වූ බවත් , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පුරෝකථනය කළ 3% ක හැකිලීමට වඩා ආර්ථිකයේ ශක්තිමත් කාර්යය සාධනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වනු ඇති බවත් ය.
උද්ධමනය 4% ත් 6% ත් අතර අගයකට ළඟාවීම මහ බැංකුවේ ඉලක්කය බව ඔහු මෙහිදී තව දුරටත් සඳහන් කර තිබේ .