ජාත්‍යන්තර කාන්තා දිනය අදයි.

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදි ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි.

1908 වසරේදි කාන්තාවන් පහළොස් දහසක් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ පාගමනක් හේතුවෙන් කාන්තා දිනය ඇරඹුණි.

ඉන් වසරකට පසු ජාත්‍යන්තර කාන්තා දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇමරිකානු සමාජවාදී පක්ෂය විසිනි.

1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එය සමරනු ලැබීමත් සමග ඊට නිල පිළිගැනීමක් ලැබිණි.

මෙවර කාන්තා දිනයේ තේමාව වන්නේ “ඇයට ශක්තිය – දැයට ප්‍රගතිය” යන්නයි.

එම තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී අද (08 වැනිදා) පැවැත්වෙයි.

මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් මිරිකී සිටින කාන්තාවන් වෙනුවෙන්ද විශේෂ වැඩසටහනක් ඇරඹීමට නියමිත බව ළමා කටයුතු අමාත්‍යංශය පවසයි.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන හා රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහගේ ප්‍රධානත්වයෙනි.

Exit mobile version